වෑන් රථයක් පෙරළී යාමෙන් කාන්තාවක් මරුට – 10කට තුවාල

Share

කටුනායකට ගොස් නැවත හබරකඩ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මීගහතැන්න, ගල්මුල්ල ප්‍රදේශයේදී රියදුරුට නින්ද යාමෙන් මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් අද (16) උදෑසන අනතුරක් සිදුවුණා.

එම අනතුරෙන් එක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ 11 දෙනෙකු වෑන් රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූවන් මීගහතැන්න රෝහලට ඇතුලත් කෙරුණු අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල වන බවයි වාර්තා වන්නේ.

Read more

Local News