වව්නියාව, පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිටි රැඳවියන් පස්දෙනෙකු ඊයේ පස්වරුවේ එම භූමියෙන් පැන ගොස් තිබෙනවා.
සැකකරුවන් ඉන් පලා ගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි වූ අවස්ථාවකදී.
මේ වන විට එම මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අසූවකට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය ලබමින් සිටිනවා. එසේ පුනරුත්ථාපනය ලබමින් සිටි රැඳවියන් අතරින් පස් දෙනෙකු පැනගොස් ඇති බවයි එහි ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කළේ.
ඔවුන්ගෙන් තිදෙනෙකු එකම පවුලේ සහෝදරයින් වන බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. එම රැඳවියන් පස්දෙනා පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත්තේ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම හේතුවෙන්.
මේ වන විට පැනගිය පුනරුත්ථාපන රැඳවියන් සොයා යුධ හමුදාව හා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.



