පාසල් දරුවන් අහිතකර ඇබ්බැහිවීම්වලට යොමු වෙලා – මනෝ වෛද්‍යවරුන් කියයි

Share

ප්‍රවීණ වෘත්තිමය මෝහන වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ මෝහනවේදය පිළිබඳ පාඨමාලාව සාර්ථකව නිම කළ වෛද්‍යවරුන්, ශිෂ්‍ය, ශිෂ්‍යාවන් ඇතුළු පිරිසකට ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා සිදුවුණා.

ඒ වත්තල අටාමි ජාත්‍යන්තර විදුහල් ශ්‍රවණාගාරයේදී. මෙම උත්සවයේදී මෝහනවේදී ප්‍රතිකාර පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වුණා.

මෝහනවේදී ප්‍රතිකාරයන්හි ප්‍රතිඵල සහ ඉන් ලබාගත හැකි සහනයන් පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. නවීන තාක්ෂණය හා මෝහන පිළිබඳවද අදහස් අදහස් පළවුණා.

මෙම අවස්ථාවට මහාචාර්ය උපුල් දිසානායක, මෝහනවේදි ආචාර්ය අසාද් උඩුමාන්, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විරාජ් සූරියබණ්ඩාර, වෛද්‍ය කුලරත්න ඇතුළු ආචාර්යවරුන්, මහාචාර්යවරුන් සහ දිවයිනේ සුප්‍රසිද්ධ මෝහනවේදී වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියා.

දේශපාලඥයින් ඇතුළු ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

මෙරට පාසල් දරුවන් සියයට විස්සක් විවිධ අහිතකර ඇබ්බැහිවීම්වලට යොමු වී ඇති බව මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

තවත් සීයට හතළිහක දරුවන් පිරිසක් දෙමව්පියන්ගේ අවවාද පිළිනොගන්නා තත්ත්වයකට පත්ව ඇති බවද සඳහන්. ප්‍රවීණ වෘත්තිමය මෝහන වේදීන්ගේ සංගමය පැවැත්වූ වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය වුණා.

Read more

Local News