මැටි වළං ඇතුළු නිෂ්පාදන කර්මාන්තය ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන ගිය ඌව කර්මාන්තකරුවන්ගේ ජීවනෝපාය මේ වන විට බිඳ වැටී තිබෙනවා.
අදාළ කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟවීමත්, නවීන උපකරණ නොමැතිවීමත්, මෙම බිඳ වැටීමට හේතුව බවයි ඔවුන් පවසන්නේ.
තවද මැටි භාණ්ඩ සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන්, මෙම කර්මාන්තය අතහැර දැමීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.
බිබිල ඉකිරියම්පල ගම්මානයේ කර්මාන්තකරුවන් දෙසිය පනහක් පමණ මෙම ගැටළුවට මේ වන විට මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.
ඌව පළාත ඇතුළු මෙම වළං කර්මාන්තය සිදු කරන රටේ සියලුම නිෂ්පාදනකරුවන්ට රජය මගින් නිසි අමු ද්‍රව්‍ය ලබාදී මැටි භාණ්ඩ සඳහා නිසි වෙළඳපලක් ලබා දෙන්නේ නම් මෙම කර්මාන්තය දියුණු කළ හැකි බව කර්මාන්තකරුවන් පවසනවා.



