රජයට අයත් සියළුම ආයතනවල විස්තරාත්මක ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් ප්‍රථමවරට අද(17) පාර්ලිමේන්තුවට ඉදිිරිපත් කළේය.
විශේෂ වියදම් ඒකක – 19
අමාත්‍යංශ -29
දෙපාර්තමේන්තු – 99
දිස්ත්‍රික් ලේකම් කාර්යාල – 25
ප්‍රාදේශීය ලේකම් කාර්යාල – 341
පළාත් සභා – 09
රාජ්‍ය හිමිකාරිත්වය ඇති ආයතන – 420
පළාත් පාලන ආයතන – 341
ඒ අනුව මෙරට මුළු රාජ්‍ය ආයතන සංඛ්‍යාව 1283 ඇතැයි පැවසිය.
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී සියළුම රාජ්‍ය ආයතන සංඛ්‍යාව පිළිබඳ ලේඛනයක් සකස් කරන බවට ප්‍රකාශ කළ බවත් ඒ අනුව මෙම ලේඛනය සකස් කර පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



