සිරි ධම්ම හිමියන්ගෙන් සහ වසන්ත මුදලිගේ ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න කොම්පඤ්ඤ වීදිය පොලීසියට අවසර

Share

රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අන්තර් විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කොම්පඤ්ඤවීදිය පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

දෙදහස් විසි දෙකේ අගෝස්තු මස දහනම වනදා සිදුකල උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් නම් කිරීමට අවසර ඉල්ලා පොලිසිය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. ඒ අනුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

වසන්ත මුදලිගේ සහ පූජ්‍ය සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන හෙටට දින අනුවයි.

Read more

Local News