Home විදෙස් පුවත් ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමෙන් 20ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමෙන් 20ක් ජීවිතක්ෂයට

0
ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමෙන් 20ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බෝම්බකරු විදේශ කටයුතු අමාත්‍යංශයට ඇතුළු විමට උත්සාහ කර ඇති අතර එම උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන්.

මෙම මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේ තුර්කි හා චීනය ඇතුළු රටවල් කිහිපයකම තානාපති කාර්යාල පිහිටා තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම ISIS – K නමින් හඳුන්වන ත්‍රස්ත සංවිධානයක් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here