නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රෝයල් රෙක්රූට්මන්ට් කන්සල්ටන්ට් පුද්ගලික සමාගම නමින් මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු 17 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුමේනියා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම ආයතනය දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර ඇති අතර, අදාල ආයතනය වැටලීම් කරන අවස්ථාවේදී එම ආයතනය තුළ තිබී විදේශ ගමන් බලපත්‍ර 38ක්, රු.30000 ක මුදලක් ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.



