Home දේශීය පුවත් ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

0
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත සිනමාවේ කිවිදිය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය මේ වන විට කොළඹ පහ තිඹිරිගස්යායේ අංක පහළවෙන් දෙක දරණ ඇයගේ වැඩිමහල් සොහොයුරියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඒ මහජන ගෞරවය දැක්වීම සඳහායි.

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පෙරවරුවේ පැමිණියා.

එතුමියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.

ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී.

සිනමාවේ කිවිඳිය සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු අසූ අටක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here