ප්‍රතිපත්ති පොලි අනුපාතික සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% ලෙස පවත්වාගෙන යාමටයි තීරණය කර තිබෙන්නේ.