අද සිට ලබන මස දාහත් වනදා දක්වා උසස් පෙළ විභාගය අවසන් වන තුරු අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට ඊයේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා මහජන උපයෝගිතා කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
ඒ සඳහා මහජන උපයෝගීතා කොමිස් සභාපතිවරයා ඇතුළු තවත් පාර්ශව කිහිපයක් එක්ව සිටියා. ලබන මස දාහත් වනදා දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට එහිදී ගිවිසුමක්ද අත්සන් කර තිබෙනවා. ඒ අනුව අද සිට උසස් පෙළ විභාගය අවසන් වන තුරුම දෛනික විදුලි කප්පාදුව නවතා දැමීමටයි එහිදී තීරණය කෙරුණේ



