බොරිස්ට පුටින්ගෙන් මරණ තර්ජන

Share

බොරිස් ජොන්සන්ට රිදවීමට අවශ්‍ය නැහැ නමුත් විනාඩියකටත් අඩු කාලයකදී එක මිසයිලයකින් බොරිස්ව මරා දැමිය හැකියි.

බ්‍රින්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන්ට පුටින් මෙලෙස තර්ජනය කල බව බොරිස් ජොන්සන් ඊයේ දින ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් බොරිස්ගේ මෙම ප්‍රකාශය රුසියාව ප්‍රත්ක්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව සහ යුක්‍රේනය අතර නැවත කිසිම අවස්ථාවක සාම සාකච්ඡා සිදු වන්නේ නැති බව රුසියාව ඊයේ දින ප්‍රකාශ කළා.

බටහිරින් යුක්‍රේනයට යුධ අවි ලබාදෙන පසුබිමක සාමයක් කිසිම විටෙක අපේක්ෂා කරන්න බැහැ කියලයි රුසියාව පවසන්නේ.

මේ අතර පුටින්ගේ ප්‍රහාරයකට මුහුණ දීමට තරම් බි්‍රතාන්‍ය හමුදාව ශක්තිමත්ද යන ප්‍රශ්නය ඇමෙරිකාව මේ වනවිට මතු කරමින් සිටිනවා.

ඒ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ වෙනුවෙන් රිෂී සුනක් අඩු මුදලක් වෙන් කිරීම ද පදනම් කරගෙනයි.

මේ අතර යුක්‍රේනයට අවශ්‍ය යුධ ශක්තිය ලබා දෙන ලෙස නේටෝ මහ ලේකම් උතුරු කොරියාවෙන් ඉල්ලීම් කර තිබෙනවා.

Read more

Local News