රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 346 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 346 වන දිනයයි.

අවසානයක් නොපෙනෙන යුද්ධය සම්බන්ධයෙන් රටවල් දෙකම එකිනෙකාට චෝදනා කරමින් සිටිනවා.

යුද්ධය නැවත සාමාදාන වන ලෙස ලෝකයේ බොහෝ රටවල් ඉල්ලීම් කලත් රුසියාව පසුගිය දිනක පැවසුවේ, නැවත කිසිදු ආකාරයේ සාම සාකච්ඡාවක් යුක්‍රේනය සමඟ පවත්වන්නේ නැති බවයි.

මෙම යුධ ගැටුම ආරම්භයේ සිටම යුද්ධය නවතා දැමීමට මැදිහත් වූ පුද්ගලයෙක් ලෙස ඊශ්‍රායලයේ හිටපු අගමැති නෆ්තාලි බෙනට් හඳුන්වන්න පුළුවන්.

ඔහු විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිව මරා දමන්නේ නැති බවට ඔහුට පොරොන්දු වූ බව ප්‍රකාශ කරමිනුයි ඔහු මේ බව ප්‍රකශ කළේ.

ඒ අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

Read more

Local News