රටවල් කිහිපයකින් යුධ ටැංකි 100ක් යුක්‍රේනයට

Share

රුසියා යුක්‍රේන යුධ ගැටුම ඉදිරියේදී ගෝලීය ව්‍යසනයක් වන බවට එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරේස් අනතුරු අඟවනවා.

යුධ ගැටුම නතර කිරීම සඳහා කිසිදු පාර්ශවයකට උවමනාවක් නැති බවයි ඔහු පවසන්නේ.

මේ අතර ජර්මනිය, ඩෙන්මාර්කය හා නෙදර්ලන්තය ලෙපර්ඩ් ටූ වර්ගයේ යුධ ටැංකි 100ක් යුක්‍රේනයට ලබා දෙන බව ප්‍රකාශ කළා.

යුක්‍රේනයට නැතිව ගිය තම රටේ ආරක්ෂාව නැවත ලබා ගැනීමට මෙම ආධාර, උපකාර වන බවයි එම රටවල ආරක්ෂක අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වුවද රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂෝයිගු පවසන්නේ.

බටහිර රටවල් යුක්‍රේනයට ලබා දෙන යුධ ආධාර නැව්ගත කිරීමට නේටෝව මැදිහත් වීම මෙම ගැටුම වඩාත් තීව්‍ර කිරීමට තුඩු දෙන බවයි.

Read more

Local News