යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි එක්සත් රාජධානියට

Share

යුක්‍රේන – රුසියා යුධ ගැටුමට අදට දින 349 යි.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ එක්සත් රාජධානියට ගියා.

ඒ යුද්ධය ආරම්භයෙන් පසු සෙලෙන්ස්කි එක්සත් රාජධානියට ගිය ප්‍රථම වතාව සහ විදේශීය සංචාරයකට එක් වූ දෙවන අවස්ථාව ලෙසයි.

මෙහිදී බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපලේදී සෙලෙන්ස්කිව පිළිගත්තා.

පසුව ඔවුන් ඩවුනින් වීදියේදී පුද්ගලිකව හමු වූ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී දේශපාලනඥයින් අමතා සෙලෙන්ස්කි දේශනයක්ද පැවැත්වූවා.

එම අවස්ථාවේදී සෙලෙන්ස්කි යුක්‍රේන ගුවන් නියමුවකුගේ හිස්වැස්මක්ද පිරිනමනු ලැබුවා.

මෙම සංචාරයේදී සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය තුන්වන චාල්ස් රජුව හමුවීමටද ගොස් තිබෙනවා.

එසේම එක්සත් රාජධානියේ පුහුණුව ලබන යුක්‍රේන සොල්දාදුවන් මුණගැසීමටද සෙලෙන්ස්කි අමතක කළේ නැහැ.

එක්සත් රාජධානියේ සංචාරයෙන් පසු සෙලෙන්ස්කි ප්‍රංශය බලා පිටත්ව ගියා.

ඒ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ව හමුවීම සඳහායි.

Read more

Local News