අමෙරිකාවේ සිටින රුසියානුවන්ට ඉවත් වන්නැයි බයිඩ්න්ගෙන් නියෝග

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 354යි.

අමෙරිකා එක්සත් ජනපදය තුළ සිටින රුසියානු පුරවැසියන්ට වහාම ඉවත් වන්නැයි අමෙරිකාව ඊයේ දින ප්‍රකාශ කලා.

එසේම අමෙරිකාව තුළ සංචාරය කිරීමට එක්ව සිටින සෑම රුසියානුවෙක්ම අමෙරිකාවෙන් හැකි ඉක්මනින් පිටත් විය යුතු බවයි ජෝ බයිඩන් අනතුරු අගවා තිබෙන්නේ .

රුසියාවට අභියෝග සිදු කරන ඕනෑම පාර්ශවයක් ඊළග ඉලක්කය වන බව චෙච්නියානු නායක රම්සාන් කදිරෝන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව යුක්‍රේනය යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු රුසියාවේ ඊළග ඉලක්කය පෝලන්තය බවයි චෙච්නියානු නායකයා අනතුරු අගවන්නේ.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අවුරුද්දක් සම්පූර්ණ වන පෙබරවාරි 24 වන දින රුසියාවට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්‍රේනය සූදානමින් සිටින බව යුක්‍රේන විදේශ ඇමති පවසනවා.

Read more

Local News