යුක්රේන – රුසියා යුධ ගැටුමට අදට දින 356 යි.
රුසියාව, නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශවලට නිරන්තරයෙන් පහරදෙන බව කියෙව් හි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය පවසනවා.
එම ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මේවන විට දුෂ්කර වී ඇති බවයි ඇය අවධාරණය කරන්නේ.
රුසියාවට සිය යුධ ටැංකිවලින් අඩක් පමණ අහිමි වී ඇති බව උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය පවසනවා.
එම ආයතනය පවසන්නේ රුසියාවට යුධ ටැංකි 2,000 කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇති බවයි.
පසුගිය පැය 24 තුළ රුසියානු සොල්දාදුවන් 690 දෙනෙකු මිය ගිය බව යුක්රේනය පවසනවා.
ඒ අනුව යුද්ධය ආරම්භයේ සිට මේ අක්වා රුසියානු සොල්දාදුවන් 139,770 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර යුක්රේනය පළමු වරට නේටෝ රටක් සමඟ කාලතුවක්කු උණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.
ආරක්ෂක හේතුන් මත එම නේටෝ සාමාජික රට කුමක්ද යන්න කිව නොහැකි බවයි වාර්තා වන්නේ.
නමුත් එම රට මධ්‍යම යුරෝපීය රටක් බව විදෙස් මාධයේ සඳහන්.