යුක්රේන – රුසියා යුධ ගැටුමට අදට දින 364 යි.
රුසියානු හමුදා නැගෙනහිර ක්රෙමින්කා නගරයේ ආරක්ෂක වළල්ල බිඳ දැමූ බවට ඊයේ වාර්තා වුණා.
නමුත් ලූහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පවසන්නේ එම ප්‍රහාර මැඬපැවැත් වූ බවයි.
මේ අතර මරියුපෝල්හි අසොවිස්ටාල් බලාගාරය ආරක්ෂා කළ යුධ හමුදාපතිවරයෙකු මියගොස් තිබෙනවා.
ඔහු මාස 06 ක් රුසියානු වහල්බාවයේ සිට නිදහස් වූ අයෙකුයි.
මේ අතර බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් සහ සෙලෙන්ස්කි අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එසේම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෝලන්තයේ වොර්සෝහිදී විශේෂ දේශණයක්ද පැවැත් වූ බවයි වාර්තා වන්නේ.
න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සහ නිපදවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවට පුටින් ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් පුටින්ගේ එම ව්‍යංග තර්ජන පිළිගත නොහැකි බවයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරස් පවසන්නේ.
මේ අතර නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් චීනයට අනතුරු අඟවා තිබෙනවා.
ඒ රුසියාවට සහය දැක්වීමෙන් වැළකී සිටින ලෙස කියමින්.