අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් ලෙයන් යුක්‍රේනයේ සංචාරයක

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවී යන්නේ 369 වන දිනයයි.

52 වන ජීනිවා මානව හිමිනම් කොමිසම ඊයේ දින ආරම්භ වුණා.

සමුළුව ආරම්භයේදීම යුක්‍රේන රුසියා යුද්ධය පිළිබඳව විශේෂ අවධානයක් යොමුවුණා.

මේ අතර අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් ලෙයන් යුක්‍රේනයේ සංචාරයක නිරත වුණා.

පෙර දැනුම් දීමකින් තොරවයි ඇය මෙලෙස යුක්‍රේනයේ සංචාරයක නිරත වුණේ.

යුක්‍රේනය අඛණ්ඩව ආර්ථික සහයෝගය ලබා දෙන බවට ඇය එහීදී පොරොන්දු වුණා.

මේ අතර හොලිවුඩයේ සුපිරි නළුවෙකු වන ස්ටීවන් සීගල්ට රාජ්‍ය ගෞරව සහිතව සම්මානයක් ලබා දීමට පුටින් තීරණය කර තිබෙනවා.

ඔහු රුසියාවේ මානූෂීය සංස්කෘත සබඳතා වර්ධනය කරගැනීමට සහයෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News