අඛණ්ඩව පැය 7ක් පුරා රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 379යි.

රුසියාව යුක්‍රේනයේ ප්‍රදේශ ගණනාවකටම අද අලුයම ප්‍රහාර එල්ල කලා.

රුසියාව යුක්‍රේනයට එල්ල කල සමස්ත මිසයිල සංඛ්‍යාව 81ක් බවයි වාර්තා වන්නේ.

අඛණ්ඩව පැය 7ක් පුරා රුසියාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් ජීවිත හානි සේම බොහෝ දේපළ හානිද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එසේම යුක්‍රේනයේ බලශක්ති පද්ධතියද බිඳ වැටී තිබෙනවා.

ප්‍රහාර එල්ල වීමට පෙර යුක්‍රේනය පුරා ගුවන් සයිරන් හඬ නාද වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියාව එල්ල කළ මෙම ප්‍රහාර මාලාව යුධ අපරාධයක් බව යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලේයන් පවසනවා.
ඒ ට්විටර් සටහනක් තබමිනුයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මේ මස අගදී කැනඩාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

Read more

Local News