රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 416 වන දිනයයි.
මේ වනවිට වැග්නර් කුලී හමුදාව බක්මූට් නගර මධ්‍යයට පැමිණ ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මේ වෙද්දි බක්මූට්හි ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වැග්නර් හමුදාව සතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊයේ දින චීන නව ආරක්ෂක ඇමති සහ පුටීන් අතර හමුවක් ද මොස්කව් හිදී සිදුවුණා.
මේ අතර රුසියානු ජනපති පුටීන් අද දින යුක්රේනයේ කේසන් හි පිහිටි හමුදාමූලස්ථානයේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා.