චීනයේ රෝහලක ගින්නක්

Share

චීනයේ බීජිං නගරයේ පිහිටි රෝහලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස චීන බලධාරීන් නියෝග කර තිබෙනවා.

එහිදී 21 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න පැතිරෙමින් තිබු අවස්ථාවේ සමහර පුද්ගලයින් ඇඳ ඇතිරිලි භාවිතයෙන් ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

Read more

Local News