කැනඩාවේ ඇතිවූ ලැව්ගිනි දුමාරයෙන් අමෙරිකාවට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.
මේ වන විට කැනඩාවේ ඇල්බටා ප්‍රාන්තයේ ලැව්ගිනි 75ක් සක්‍රීයව පවතින අතර 23 පාලනය කළ නොහැකි බවයි වාර්තා වන්නේ.
මෙම ලැව්ගිනි කැනඩාවේ ක්වීබෙක් සහ ඕන්ටාරියෝ දක්වා පැතිරී ඇති අතර එහි දුමාරය අමෙරිකානු කැනඩා දේශසීමා වෙත පැතිර ඇති බවයි විදෙස් මධ්‍යයේ සඳහන්.