රුසියානු ජනාදිපති පුටින් හා යුක්‍රේන ජනාදිපති සෙලෙස්න්ස්කි සාම සාකච්ඡාවක් සඳහා කැමැත්ත පලකල බව දකුණු අප්‍රිකානු ජනාදිපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කලා.
ජනාදිපතිවරුන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කල බවත් එහිදී ඔවුන් මීට වෙන වෙනම සම්බන්දවීමට කැමැත්ත පලකල බවයි ඔහු පවසන්නේ.
කෙසේ වුවද අදාල දුරකථන සංවාදය කවදා පැවැත්වුවාද යන්න මාධ්‍යයට ප්‍රකාශ කර නැහැ.
දකුණු අප්‍රිකානු නායකයින් හා නියෝජිතයින් පිරිසක් අතර මෙම සාකච්ඡා ඉදිරියේදී පැවැත්වීමට නියමිතව වුවද නිශ්චිත දිනයක් සඳහන් කර නැහැ.
කෙසේ වෙතත් මීට පෙර රුසියාවට ආයුධ හා පතරොම් ලබාදුන් බවට දකුණු අප්‍රිකාවට චෝදනා එල්ල වුණා .