ඉතාලියට ගංවතුර තත්ත්වයක් – 9ක් මරුට

Share

ඉතාලියට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ගංවතුරින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට පුද්ගලයින් 10,000ක් පමණ එම ප්‍රදේශයන්ගෙන් ඉවත් කර ඇති අතර පුද්ගලයින් 50,000කට පමණ විදුලිය ඇනහිට තිබෙනවා.

බලධාරීන් පවසන්නේ එරට ගංගා 14ක ඉවුරු මේ වන විට කැඩී ගොස් ඇති බවත් නගර 23ක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News