බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවය.
මියගොස් ඇත්තේ 53 හැවිරිදි කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.



