පොළොන්නරුව මහ රෝහලේ ජාත්‍යන්තර හෙද දිනය සමරයි

Share

හෙද සේවයේ නිර්මාතෘවරිය ලෙස සැලකෙන ෆ්ලොරෙන්ස් නයිටින්ගේල්ගේ ජන්ම දිනය මුල්කර ගනිමින් සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලබනවා.

පසුගියදා සමරනු ලැබූ ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව වූයේ ” අපේ හෙද හෙදියන් අපේ අනාගතය ” යන්නයි.

පොළොන්නරුව මහ රෝහලේ ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව උත්සවයක් සංවිධානය කර තිබුණා.

පොළොන්නරුව මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සහ සියලුම කාර්ය මණ්ඩලවල සහභාගිත්වයෙන් මෙන්ම එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ සම්පත් ඉන්දිකගේ ප්‍රධානත්වයෙනුයි මෙම උත්සවය පැවැත්වුණේ.

Read more

Local News