උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

Share

ප්‍රදේශ කිහිපයකට අද (28) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇත.

උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ක්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News