අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි QR අවසරපත් මඟින් ලබාගත හැකි ඉන්ධන සලාක සීමාවන් වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව කුලී රථ ලෙස ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන පරිදි සලාක සීමාවන් වැඩි කර තිබෙනවා.
යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14 ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක් දක්වා ඉන්ධන සලාක සීමාවන් වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන්කළේ.
ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.




