35 වැනි වරටත් වෙසක් උත්සවය කුවේට් රාජ්‍යයේදී

Share

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංවිධානය කළ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් 05/25 සහ 05/26 යන දෙදින තුළ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුනි .

ශ්‍රී ලංකාවේ සිට එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එම දෙදින තුළ ධර්ම දේශනා පවත්වා තිබූ අතර , එරට වෙසෙන ශ්‍රී ලාංකික විදුලි කාර්මිකයන් සහ චිත්‍ර ශිල්පීන් එකතු වී ” ගුත්තිල ජාතකය ” පිළිඹිබු කෙරෙන දර්ශනීය තොරණක් ද ඉදි කර තිබුණි .

මෙම වැඩසටහනෙහි සංවිධායකත්වය කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් විසින් සිදු කර තිබුණි .

මෙයට සහභාගී වීමට කුවේට් රාජ්‍යයේ වාසය කරන සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

Read more

Local News