ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යනු ලබන ප්‍රයත්නයට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං අවධාරණය කළේය.
දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බව ද ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ දී චීන උප ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීමට චීනයේ කැපවීම අවධාරණය කළ උප අමාත්‍යවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා නව අවස්ථා සොයා බැලීමට චීනය උනන්දුවෙන් පසුවන බව ද කියා සිටියේය.
