ගුවන් හමුදාපති “නිලධාරි” යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුදා ක්‍රීඩා සඳහා ලබා දුන් විශිෂ්ට දායකත්වය ඇගයිමට ලක්කරමින් “නිලධාරී” යන ගෞරව නාම ප්‍රධානය කිරිම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න විසින් 2023 මැයි 29 වන දින ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කරන ලදි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ශ්‍රී ලංකාවේ හමුදාවන් තුල ක්‍රීඩාවේ දියුණුවට සදහා විශිෂ්ඨ දායකත්වයක් ලබාදී ඇති අතර ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආරක්ෂක ප්‍රජාව තුළ ක්‍රීඩාව පෝෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරනු ලැබිය.

4 වන CISM හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය මෙන්ම 11 වැනි CISM ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය වැනි ජාත්‍යන්තර හමුදා තරගාවලි සංවිධානය ද එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් හා අධික්ෂණය යටතේ සිදු කරනු ලැබු අතර එවැනි තරග සංවිධානය කිරිම මගින් ශ්‍රි ලංකා හමුදාවන්ට විදේශ හමුදාවන් හා සමිබන්තා ගොඩනංවා ගැනිමට ද අවස්ථාවන් උදාවිය.

Read more

Local News