හයිටි රාජ්‍යයට භූ කම්පන තත්වයක් හටගෙන තිබෙනවා.
එය රිච්ටර් මාපකයේ 4.9ක් බවයි වාර්තා වන්නේ.
භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 13,300ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම අධික වර්ෂාව සමඟ පුද්ගලයින් 42 කට ආසන්න පිරිසක් මියගොස් 85 දෙනෙකුට වැඩි පිරිසක් තුවලා ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.