ප්‍රංශයේ පිහි ඇනුමක් – 6 කට තුවාල

Share

ප්‍රංශයේ ඇනසි ප්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අතර ළමුන් 4 දෙනෙකු සහ වැඩිහිටියන් 2ක් වන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ දරුවන් වයස අවුරුදු 1ත් 3ත් අතර පසුවනවා.

සැකකරු ස්වීඩනයේ සරණාගතභාවය ඇති සිරියානු ජාතිකයකු බවයි වාර්තා වන්නේ.

31 හැවිරිදි මෙම පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟ එරට ජාතික සභාව විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පවත්වා තිබුණා.

ප්‍රංශ ජනාධිපති ප්‍රකාශ කළේ මෙවැනි බියගුළු ක්‍රියා සම්බන්ධයෙන් තම ජාතිය කම්පනයට පත්ව ඇති බවයි.

Read more

Local News