රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 471 යි.
මේ අතර රුසියානු හමුදාව භාරයේ පැවැති තවත් ගම්මාන 04 ක් යුක්‍රේන හමුදාව සිය භාරයට ගැනීමට ඊයේ දින සමත් වුණා.
ඒ අනුව රුසියානු හමුදාවේ පාලනය යටතේ පැවැති ගිනිකොන දිග යුක්‍රේනයේ ගම්මාන 07 ක් යුක්‍රේනය යළි අල්ලා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම යුක්‍රේන හමුදාව එලෙස රුසියානු ඉලක්ක වෙත පහර දීමට යුරෝපීය සහ බටහිර රටවලින් ලද අවි භාවිත කර තිබෙනවා.
මේ අතර යුරෝපයේ සිදු කෙරෙන ඉතිහාසයේ දැවැන්තම ගුවන් අභ්‍යාසය නේටෝවේ මූලිකත්වයෙන් ඊයේ දින ආරම්භ වුණා.
යුක්‍රේනයට රුසියාව එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙසයි මෙම ගුවන් අභ්‍යාසය සිදු කිරීමට නේටෝ සංවිධානය කටයුතු කලේ.
ඒ සඳහා ජපානය හා ස්වීඩනය ද ඇතුලත්ව නේටෝ රටවල් විසිපහේ දායකත්වය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරක යානා 250ක් මෙම ගුවන් අභ්‍යාසයට එක්වන බවයි වීදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.