වාග්නර් ප්‍රධානියාට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා-පුටින් කියයි

Share

දශක දෙකක් පුරා රුසියාව ලොව මහා බලවතෙකු ලෙස යලි ස්ථාපිත කිරීමේ ගෞරවය පුටීන්ට නිතැන්ම හිමි වනවා.

මේ ආධිපත්‍යට එල්ල වූ බරපතලම අභියෝගයට පැය 24 කින් පිළිතුරු සපයන්න බෙලරුසියානු ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

වාග්නර් ප්‍රධානියා රුසියානු හමුදා නායකත්වයට එරෙහිව නැගී සිටීම පසුගිය සෙනසුරාදා දින ආරම්භ වුණේ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ද අභියෝගයට ලක්කරමින්.

මෙම කැරැල්ල පිළිබඳව මේ වන විට විවිධ සැක සංකා සහ විවිධ මත කරළියට පැමිණෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් කැරැල්ලෙන් පසු පුටින් ප්‍රථම වරට ඊයේ දින මාධ්‍ය හමුවේ පෙනී සිටියා.

ඔහු එහිදී පැවසුවේ කරැල්ලට සම්බන්ධ වාග්නර් නායකයාට එරෙහිව අනිවාර්‍යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි.

තමන්ව බ්ලැක්මේල් කරන්න කිසිවෙකුටත් පහසු වන්නේ නැති බවත් පුටින් පවසා තිබෙනවා.

Read more

Local News