රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 492 වන දිනයයි.
තම ජීවිතය පිළිබඳව බියෙන් සිටිය යුත්තේ තමන් නොව පුටීන් බව සෙලෙන්ස්කි පවසනවා.
තමන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වන්නේ රුසියාවට පමණක් වුවත් , පුටීන්ව ඝාතනය කිරීම මුළු ලෝකයේම අපේක්ෂාව බවයි යුක්‍රේනය ජනපති සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ.
මේ අතර කෙදිනක හෝ මෙම යුද්ධය අවසන් වන්නේ ක්‍රිමියානු කලාපය යුක්‍රේනය සතුකරගත් පසු බවයි යුක්‍රේනය පවසන්නේ.