රුසියානු ජනපතිගෙන් ඉන්දීය අගමැතිට තුති

Share

මෙම වසරේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

වීඩියෝ තාක්ෂණය හරහා එම සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මෙවර සභාපතිත්වය දරණඉන්දියාව සිදු කර ඇති කාර්යයට ප්‍රශංසා කරන බව ද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමුළුවේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේදී උපායමාර්ගික වශයෙන් ඉන්දියාව සමග එක්ව සහයෝගය ලබා දෙන බව ද රුසියානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර ප්‍රශ්න සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා දෙන නව දිල්ලි ප්‍රකාශයට ද රුසියාව සහාය දක්වන බවයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ.

Read more

Local News