මිනුවන්ගොඩ හොරම්පැල්ල මහගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවක දී පාතාල සාමාජිකයකු මියගොස් තිබෙනවා.
අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබුණා.
එම වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ.
මෙහිදී මියගොස් ඇත්තේ 29 හැවිරිදි මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති අයෙකි.
සැකකරු ඩුබායි හි සඟවා සිටින මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පාතාල නායකයකුගේ වෙඩික්කරු ලෙසද හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම, මොහු හෝමාගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වනවා.
වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.