නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔක්ලන්ඩ්හි පැවැත්වීමට නියමිත ෆිෆා කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මොහොතකට පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද මියගොස් ඇති බව එරට පොලිසිය මේ වන විට තහවුරු කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම වෙඩිතැබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි නවසිලන්ත පොලිසිය පවසන්නේ.