අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය ඉන්දීය නිල සංචාරයේ නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇගයීමට ලක්කර තිබෙනවා.
ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රටවලට සහ ඉන්දියානු සාගර කලාපයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවද ඔහු එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.