ඉන්දියාවට භූ කම්පන 3ක්

Share

ඉන්දියාවේ ජායිපූර් හිදී භූ කම්පන 3ක් සිදුව තිබෙනවා.

පැය භාගයක් වැනි කාලයක් තුළ මෙම භූ කම්පන 3 සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අවසන් භූ කම්පනයේ විශාලත්වය රිච්ටර් මාපක ඒකක 3.4 ක්.

ජායිපූර් සහ රාජස්ථාන් ඇතුලු ප්‍රදේශ කිහිපයකට එහි බලපෑම දැනී තිබෙනවා.

මෙම භූ කම්පනවල පසු කම්පන තත්ත්වයක් පිළිබඳ අවධානයෙන් පසුවන බවයි එරට භූ කම්පන පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

Read more

Local News