මින්නේරිය නගරයේ මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ තිබී නාඳුනන මල සිරුරක් හමුව තිබෙනවා.
මින්නේරිය පොලීසිය පැවසුවේ, හඳුනාගත නොහැකිවන පරිදි මළසිරුර නරක් වී ඇති බවයි.
අඩි 05ක් පමණ උසැති මෙම පුද්ගලයා අවසන් වරට රතු පැහැති ටී – ෂර්ට් එකක් සහ නිල් පැහැති සරමක් හැද සිට තිබෙනවා.
මින්නේරිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



