පසුගිය මහ කන්නයේ වී අස්වැන්නෙන් සකසන ලද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ සත්ත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට යොදා ගෙන තිබෙනවා.
ඒ සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය දේශිය බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීම සහ බඩ ඉරිඟු ආනයනයට මුදල් නැති වීම නිසා එම නිෂ්පාදන සඳහා සහල් යොදා ගැනීම හේතුවෙනුයි.
ඉදිරි දින කිහිපයේ දී සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුණහොත් උග්‍ර ජල හිඟයක් ඇති විය හැකියි.
උඩවලව ජලාශය යටතේ පවතින කුඔුරු අක්කර 50,000 කට අධික ප්‍රමාණයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඔුරුවලට මේ දිනවල උග්‍ර ජල හිඟයක් ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් යල කන්නයේ අපේක්‍ෂිත වී අස්වැන්න නොලැබුණහොත් ඉදිරියේ දිී රටේ සහල් හිඟයක් ඇති විය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉදිරියේ දී ඇතිවිය හැකි සහල් හිඟයට මුහුණදීම සඳහා සත්ත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
දැනට පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ.



