යුද්ධය රුසියාවට පැමිණෙමින් ඇති බව සෙලෙන්ස්කි කියයි(VIDEO)

Share

කළු මුහුදේ ධාන්‍ය ගණුදෙනුව යළි පනගන්වන ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රුසියාවෙන් ඉල්ලීම් කර තිබෙනවා.

එසේම පාර්ශව රැසකින් රුසියාවට මේ වන විට ධාන්‍ය ගණුදෙනුව නැවත සක්‍රීය කරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් මේ සම්බන්ධයෙන් තවමත් රුසියාවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර රුසියාව ඊයේ දින යුක්‍රේනයේ නගර රැසකට මිසයිල ප්‍රහාර එල්ල කළා.

ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සෙලන්ස්කි රුසියාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඔහු පවසන්නේ, මේ වන විට මෙම යුද්ධය රුසියානු භූමියට පැමිණෙමින් තිබෙන බවයි.

එසේම රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි යුක්‍රේනයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඔහු පවස්නනේ යුක්‍රේනය රුසියාවට එල්ල කරන ප්‍රතිප්‍රහාර කුමන හෝ මොහොතක සාර්ථක වුවහොත් රුසියාව අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික අවි භාවිතා කරන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News