B – LOVE Kandy පරදවමින් Galle Titans සුපිරි ජයක් ලබයි

Share

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ B – LOVE Kandy සහ Galle Titans අතර තරගය ලකුණු 83කින් ජය ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

Galle Titans පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබාගත් අතර Tim Louis Seifert හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 74ක්  එහිදී ලබා ගත්තා.

ඔහු අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 24ක් තුළදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B – LOVE Kandy කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නිල රූපවාහිනී සහ ගුවන් විදුලි සහකරු ලෙස සියත ටී.වී. සහ සියත එෆ්.එම්. අප මාධ්‍ය ආයතනය කටයුතු කරනු ලබන අතර සියත ඔස්සේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සියලු තොරතුරු සහ විශේෂ අවස්ථා ඔබට දැන ගැනීමේ අවස්ථාව උදා වනවා.

Read more

Local News