නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලී බරපතල තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මියගිය දරුවා වයස අවුරුදු 12 ක් වූ සාලිය වැව ප්රදේශයේ පදිංචි දරුවෙක්.
දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමඟ කලාඔය ආසන්නයේ ඇති දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව කලාඔයේ දිය නෑමට ගොස් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



