මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.
සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියේ “ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව” ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දීයි.
පසුගිය සමයේ පැවැති ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයෙහි මතු වූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැලසීමට රජය ගත් තිරණවල ප්‍රගතිය ද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක්කර තිබෙනවා.
ඉදිකිරීම්කරුවන් වෙත රජය මගින් ගෙවීමට ඇති මාස තුනක් පැරණි හිඟ බිල්පත් මෙම අගෝස්තු මාසය තුළ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව ද කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක සඳහන් කර සිටියේ විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර, පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව වන අතර ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමත් සමඟ එම කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි.



