රියදුරුට නින්ද යාමෙන් තවත් අනතුරක්

Share

ඇඹිලිපිටිය මිද්දෙනිය මාර්ගයේ 06 කණුව අසල දී ඊයේ (04) අනතුරක් සිදුව තිබුණා.

ඒ මිද්දෙනිය දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක ගැටීම හේතුවෙනුයි.

අනතුරින් රියදුරු හා ත්‍රිරෝද රථයේ පිටුපස සිටි කාන්තාවක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක් වන, නව නගරය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News