ඉදිරි සති දෙක තුළදී ප්ලාස්ටික් අයිතම කිහිපයක් තහනම් කරන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසනවා.
ප්ලාස්ටික් බීමබට,ප්ලාස්ටික් මල්මාලා, එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි කිහිපයක් මෙලෙස තහනම් කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.



